Social Icons

Pages

Wednesday, December 24, 2014

PayPal සිංහලෙන් - PayPal ගිණුම verify කරමු

අපි PayPal ගිනුම verify කරන්නේ අපගේ HNB card එක හරහායි. Commercial හෝ Sampath බැන්කුවේ card එකක් උනත් ප්රශ්නයක් නැහැ. නමුත් ඔබ මුදල් ලන්කාවට ගෙන්වා ගැනීමට අදහස් කරනවා නම් HNB card එක තමයි මම යෝජනා කරන්නේ. මුලින්ම ඔබගේ HNB Bank ගිනුමේ ශේශය අවම රුපියල් 750 ක් තිබේදැයි පරික්ශා කර බලන්න. මොකද PayPal ආයතනයට අපගේ පේපැල් ගිනුම verify කිරීමේදී අවම $2.00 - $4.00 ක් අතර අගයක් අපගේ බැන්කු ගිනුමෙන් කපා ගන්නා නිසා එම මුදල බැන්කුවේ තිබීම අනිවාර්ය වේ. බය වෙන්න එපා ඔබේ බැන්කු ගිනුමෙන් කැපෙන එම මුදල ඔබගේ පේපැල් ගිනුම වෙරිෆයි වුනු විට පැය 2 ක් අතුලත නැවතත් ඔබගේ පේපැල් ගිනුමට බැර වෙනවා. තවද ඔබගේ HNB card පත Internet ගනුදෙනු සදහා සක්‍රිය විය යුතුය. එය සක්‍රිය කර නොමැති නම් Card Center එකට Call එකක් අරන් කියන්න ඔයාගේ card  එක Internet ගනුදෙනු සදහා සක්‍රිය කරලා දෙන්න කියලා. මේ සදහා සතයක්වත් යන්නේ නැහැඔක්කොම හරි නම් දැන් අපි PayPal ගිනුම Verify කරමු. මුලින්ම PayPal ගිනුමේ උඩ ඇති Get verify බොත්තම Click කරන්න

දැන් මීලග එන පිටුවේ අපට ගිනුම Verify කරගන්න Option 2ක් පෙන්නුම් කරනවා. එයින් Confirm your credit/debit card to get Verified එක Select කර Get Start බොත්තම Click කරන්න. පසුව එන පිටුවේ දී Card වර්ගය Visa ලෙස තෝරන්න. ඔයාගේ Card Number එක හිස්තැන් නැතුව Type කරන්න. එසේම ඔයාගේ Card එක අවලංගු වන දිනය හා Card එකේ Security Code එක Type කරන්න. අවසානයේ Continue බොත්තම Click කරන්න. දැන් සියල්ල අවසානයි. මේ වන විට ඔබගේ බැන්කු ගිනුමෙන් යම් කිසි මුදලක් PayPal ආයතනය විසින් කපා ගෙන ඇත. ඔබට අවශ්‍ය නම් කපා ගත් මුදල කීයක්දැයි ඔබට බැන්කුවෙන් කතා කොට දැන ගත හැක. දැන් ඔබ PayPal ගිනුමෙන් Logout වෙන්න. ඔබගේ PayPal ගිනුම Verify කිරීම සදහා PayPal ආයතනය විසින් ඔබගේ Card පත වෙත අංක 4  Code එකක් එවනු ලබයි. එම Code එක ලබා ගත යුත්තේ ඔබගේ Card Center එක හරහාය. මෙය ලැබීමට දින 3-4 ත් අතර කාලයක් යන බැවින් එතෙක් ඉවසිය යුතුය. දින 3-4 කින් පසුව ඔබ Card center එකට Call එකක් අරන් කියන්න ඔයාගේ Card එක PayPal එකට Link කරා PayPal එකෙන් එවපු Code එක දෙන්න කියලා. මේ සදහා කිසිදු මුදලක් අය නොකෙරේ. Card center එකෙන් දෙන එම Code එක අරගෙන ඔයාගේ PayPal ගිනුමට දැන් Log වෙන්න. දැන් දකුනු පැත්තේ ඇති Notification Center කොටුවේ ඇති Confirm Card බොත්තම ක්ලික් කරන්න. දැන් මීලග එන පිටුවේ PayPal Code යටතේ ඔයාගේ PayPal Code එක Type කරන්න. පසුව Confirm Card බොත්තම Click  කරන්න. දැන් ඔබට පනිවිඩයක් දිස් වේ. එහි සදහන් වන්නේ ඔබගේ PayPal ගිනුම Verify වී ඇති බවයි. දැන් ඔබට සාර්තකව මුදල් ඔබගේ ගිනුමට ගෙන්වා ගන්නත් යවන්නත් පුලුවන්.
 

Sample text

Sample Text

 
Blogger Templates