Social Icons

Pages

Monday, December 22, 2014

Paypal සිංහලෙන් - පේපැල් යනු ???




Paypal කියන්නේ Internet හරහා ගනුදෙනු කල හැකි හා මුදල් හුවමාරු කල හැකි ලොවම පිලිගත් විශ්වාශවන්ත නො 01 බැන්කුවකි. එසේම Internet තුළ ක්රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් මෙන්ම ජනප්‍රියතම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාව paypal වේ. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවත් Internet තුළ මුදල් හුවමාරු කිරීමේ හොදම සම්මතය ලෙස හැඳින්විය හැකිය. ඊබේ වෙබ් අඩවිය තුල ගනුදෙනු කල හැකි එකම මාර්ගයද මෙයයි. Paypal මගින් ගනුදෙනු කරන විට වෙනත් Credit card හෝ වෙනත් බැන්කු ගනුදෙනු මෙන් බිය විය යුතු නැහැ. මොකද අප කරන සියලුම ගනුදෙනු සියල්ලක්ම Paypal එකේ අදීක්ශනයෙන් සිදු වෙන නිසා. අපගේ අතින් යම් වරදක් වුනෝතින් එය නැවතත් යතා තත්වයට ගැනීමට හැකිය. එසේම අපගේ ගිනුම හරහා යම් කිසි ගනුදෙනුව්ක් කිරීමෙන් පසුව එය අප හට නොලැබුනේ නම් එම (යම් කිසි බාන්ඩයක් ඇනවුම් කර එය නොලැබුනේ නම්) අප විසින් සිදු කෙරැ එම ගනුදෙනුව අහෝසි කරන්න පුලුවන්. කවුරැන් හෝ අපව රවටා ගිනුමෙන් මුදල් ලබා ගත්තේ නම් හෝ අපගේ මුදල් පැහැර ගත්තේ නම් එය නැවතත් අප හට ගත හැකිය. මෙවැනි ආකාරයේ පහසුකම් රැසක් Paypal තුලින් අප හට හිමි වේ.

ලංකාවේ සිට විදේශ රටවලට කරන ගෙවීම් සඳහා Paypal භාවිත කළ හැකි නමුත් අප හට ඇති එකම අවාසිය ලංකාවේ නීති වලට අනුව අපගේ රටට වෙනත් රටකින් Paypal හරහා මුදල් ගෙන්වා ගත නොහැකි වීමයි. එනමුත් පේපැල් අප රටට හඳුන්වාදීම කෙරෙහි මහ බැංකුවේ අවධානය දැන් යොමුව ඇත. Paypal Withdrawals සඳහා අනුමැතිය ලබාදිය යුත්තේ මහ බැංකුවයි. ලෝකයේ ඉතාමත් ජනප්‍රියතම මුදල් හුවමාරු සේවාවක් වන Paypal මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව අප රටට ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙනවා වගේම එම සේවාවන් වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත. තව ටික දිනකින් අප රටට පේපැල් විත්ඩ්රෝවල් සඳහා අනුමැතිය ලැබෙනවා නිසැකයි. එතෙක් අප නොඉවසිල්ලෙන් බලා සිටිනෙමු.


No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates